වීදි විශාඛා
වීදි විශාඛා අම්බපාලිය රහත් වී නම් කිම ද මේ වහසිභාෂණ… දරු දෙදෙන හාමතේ දුටුවිට සිහිනොවුනි බුදුනේ නුඹගේ දම්නද… ප්‍රේමයෙන් මංමුළා වී ලැබුහෙයින් මෙ උරුමය… කුමක් කරමිද නැගෙන ගිනිදැල් කාට පවසම් මෙහද තුළ… බුහුමනින් යුතු බලවතුන් රැය ගෙවන්නේ මා ළඟ… අහෝ සරදම් කුමට මේ මට දිවා කාලට රැවුම් පමණ ය. පුරන්නෙමි මා පාරමී මේ භවයෙන්ම නිවී …